මම ජනපති වුවහොත් වැටුප් ගන්නේ නෑ, ඒ සියලු මුදල් දුප්පත්කම නැති කරන්න යොදවනවා” ඇමති සජිත්.!

තමන් ජනාධිපති ලෙස පත්වූ පසුව තමන්ට හිමිවන වැටුප්, දීමනා හා මන්දිර ලබා නොගන්නා බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

තමාට ලැබෙන එම සියලූම දීමනා මෙරට දුප්පත්කම තුරන් කිරීම සඳහා යොදවන බවද ඒ මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව පැවසූවේ මුදල් ඇමැති මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිවසේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදීය.

රජයෙන් ලැබෙන එම සියලූ වරප‍්‍රසාද පරිත්‍යාග කරමින් ආදර්ශමත් නායකත්වයක් තමන් සපයන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *